Thursday, August 16, 2012

ඇත්තටම මට මේ ගැන පෝස්ට් එකක් දාන්න හිතුවෙ අපේ data පාවිච්චි කරන හුන්ග දෙනෙක් මෙ නිතරම ලෝඩ් වෙන මයි පේජ් එක ගැන හරිහමන් විස්තරයක් දන්නෙ නැති නිසාමයි.
මේක ඇත්තටම තමන්ගෙ data bundle එක හරියටම manage කරගන්න හොන්ඳ tool එකක්.මොකද තමන් පාවිච්චි කරන්න කලින් අදාල කෙනාට තමන්ට තව කොච්චර පාවිච්චි කරන්න පුලුවන්ද කියන එක ගැන මෙකෙන් අදහසක් ගන්න පුලුවන්.

ඒ වගේම තමන්ට ඒ  මොහොත වෙනකොට කොපමන මුදලක් ගෙවීමට ඇත්ද යන වග සහ මුලු හිග මුදලත් ඒ වගේම තමන්ගෙ දැනට බාවිතා වන පැකේජය සහ එම පැකෙජයේ ගස්තුවද ඔබට මෙතැනින්ම බලගන්න පුලුවන්.



ඒ වගේම තමන්ටම වෙන් උනු 25GB දාරිතා අවකාශයට පිවිසෙන්නට තිබෙන පහසුම තැන තමයි මේ my page එක.මෙහිදී ත්මන්ට කැමති username password යොදාගෙන තමන්ගේ පුද්ගලික වැදගත් දේවල් ඉතාමත් ආරක්ශිතව ගබඩා කරගන්න my storage ඔබට නොමිලේ අවස්තාව ලබ දීල තියෙනව.



ඔබට කැමති නමක් යොදාගෙන
උදා; broadband@myetisalat.lk අන්තිමට  myetisalat.lk එන විදිහට විශේශිත උනු ඊ මේල් ලිපිනයක් නොමිලේම සදාගන්නත් මයි පේජ් මගින් පුලුවන්.


ඒ වගේම ඔබගේ පැකෙජය අවසාන වීමට කලින් ඔබට ඒ ගැන දැනුම් දෙන ebuddy software ඩෞන්ලෝඩ් කරගැනීමටත් මෙත්නදීම සිදු කරගන්න පුලුවන්.මේක ඇත්තටම හුන්ගක්ම වැදගත් එකක් ඔබට යම් විදිහකින් මයි පේජ් බලන්න අමතක උනත් මේ වැඩසටහන ඔබට පෙන්වනව තව කොපමන ඩේටා ප්‍රමානයක් ඔබට ඉතුරුද කියන එක.

ඒ වගේම ලෝකෙ වැඩිපුරම පිලිගත් ජනප්‍රියම parentel software නැත්නම් ලමයින්ව ඉන්ටර්නෙට් එකේ තියෙන අන්වශ්ය දෙවල් වලින්  වලක්වගන්නවැඩසටහනත් මේ මයි පේජ් එකේ තියනව.ඒක පහත ඇති photo එකේ අකරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්


මේක නම් ටිකක් පරිස්සමින් දාගන්න ඔනි වැඩසටහනක් නැත්නම් මෙකෙන් කාටවත්ම ඉන්ටර්නෙට් යන්න බැරි තත්වයක් ඇතිවෙයි.මේක දාගන්න හරියටම දන්නෙ නැති අයට මේ ගැන සටහනක් දාන්න මන් බලාපොරොත්තු වෙනව.


Symantec Endpoint Protection Client එටිසලාට් ඔබ වෙනුවෙන්ම .හන්දුන්වාදෙන virus guard එකක්.ඒ ගැන විස්තර මෙතනින් ගන්න පුලුවන්
දැන් ඔබට තෙරෙනවනෙ ම්යි පේජ් කියන්න  නිකන්ම පේජ් එකක් නොවේ.එක ඔබගෙ පහසුවටම අපි විසින් නිර්මානය කරපු වැඩස්ටහනක්.

2 comments:

tonga said...

ado meka sira ne

Unknown said...

post eka nam niyamai.aththatama me dewal kalin danagena hitiye na